පුද්ගලික
පාසලේ ගුරු පත්වීම ලැබුනු විට නිවසේ ආර්ථිකයත් සමග නයෝමි ට දැනුනේ නිධානයක්
පහල වුන ලෙසය. පන්ති භාර කමක් සමග පන්ති
කීපයකට ගණිතය උගන්වන්න ට ඇයට නියම
විය.සිතුවාට වඩා විශාල අභියෝගයක් වුවත් ඇය අසල්වැසි පන්ති
වල ගුරුවරියන්ගේ උපදෙස් ද ලබා ගනිමින්
ඒ වගකීම් දෙක
ම උපරිම සාර්ථක ව ඉටු කරන්නට
වෙහෙස වූවාය.වසර අවසානය උදා වූයේ නයෝමි ට යම් සැනසුමක්
ගෙන දෙමින්.
පාසල්
නිවාඩුවට දිනකට පෙර ගුරු දෙගුරු හමුව සඳහා දින නියම විය.
"ඕක තම
අපේ ඉරණම විසඳෙන දවස "අසල්වැසි පන්ති කීපයක ගුරුවරියන් එකට හමු වූ අවස්ථාවක ඉන්දුමි
කීවාය.
"ඇයි අපේ
ඉරණම කියන්නේ"නයෝමි මෙන් ම නවක ගුරුවරියක
වූ සුලක්නා ඇසුවාය.
"ඉස්සර ගුරු
දෙගුරු හමුවේදී ළමයට ලකුණු අඩු නම් දෙමවුපියෝයි, ගුරුවරුයි එකතු වෙලා ළමයට බැන්නේ.දැන් ඉන්න සමහර දෙමවුපියෝ ගුරුවරුන්ගේ ඇඟට ගොඩ වෙන්නේ ඇයි මගේ ළමයට ලකුණු 100 ම ගන්න ඉගැන්නුවේ
නැත්තේ"
ඉන්දුමි
නැවත කීවාය.
"ඒක මාර කතාවක්
නේ"නයෝමි පුදුමයෙන් කීවාය.
"සමහර දෙමවුපියෝ
හිතන් ඉන්නේ අපිට පඩි දෙන්නේ එයාල ගෙවන school fee වලින් නිසා ළමයට ලකුණු 100 ම අරන් දෙන්න
අපි බැඳිලා ඉන්නවා කියල"
"ඉතින් දොස්තරලා
ට ලෝයර්ස් ලා ට ඊට
වඩා සල්ලි දෙන්නේ.ඔක්කොම ලෙඩ්ඩු සනීප වෙනවද.ඔක්කොම නඩු දිනනව ද"
"මෙහ්....සරතස
ඔයාගේ පන්තියේ නේද.කොහොමද මේ සැරේ ලකුණු"ඉන්දුමි ඇසුවේ සුලක්නා ගෙන්.
"මට එහෙම
නෝට් නෑ.වරදක් නෑ
මම හිතන්නේ"
"ගිය අවුරුද්දේ
මගේ පන්තියේ නේ.music වලට ලකුණු අඩුයි කියල සරතස ගේ අම්මා music teacher ට බැනලා"
"ඒ ළමය
කොහෙද අනේ සින්දු කියන්නේ.ප්රශ්නෙකට උත්තරයක්
අහ ගන්නත් මම කන ලං
කරනවා එයාගේ කට ට"
"සමහර දෙමවුපියෝ
හිතන්නේ ළමයා ඔක්කොම විෂයන් වලට 100න් 100 ම අරන් හැම
බාහිර දේකින් ම ත් highest ම
performance පෙන්නන ගානට අපි එයාල ව හදන්න ඕන"
ඉන්දුමි
ගේ කතා නිසා නයෝමි ට දැනුනේ චකිතයක්.තමන්ගේ පන්තියේ ගණිතය විෂයට අඩු ලකුණක් තිබුන බව ඇයට සිහි
විය. ඇය වහා ම
ලකුණු ලැයිස්තුව පරික්ෂා කළාය.අසූ -අනූ ගණන් මෙන් ම පනස් ගණන්
හැට ගණන් වලට පසු 28ක්.ඇය ළමයාගේ
නම බැලුවාය.මධුක ජයසිංහ.මධුක ගේ ප්රගති
වාර්තාව ගෙන ඇය අනෙක් විෂයන්ගේ
ලකුණු සැසඳුවාය.චිත්ර වලට 92කි.එය වැඩිම ලකුණය.අනෙක් විෂයන් ට පනස් ගණන්
හතලිස් ගණන් ඇතත් 28ක්.!!ඇය නැවත ප්රශ්න පත්ර මිටිය අතට
ගත්තේ තමන් අතින් වරදක් වුනේදැයි බලන්නටය.පාට කරන, පින්තුර අඳින කොටස් වලට හැරුන විට අනෙක්වා හිස් ය. සමහර පුංචි
ම සුළු කිරීම් පවා වැරදිය.ඉඩ ඇති තැන්
වල මධුක cartoon චරිත ඇඳ ඇත.
නයෝමි
සුසුමක් හෙළුවාය.වැරදි උත්තරයකට හරි දමා ලකුණු දෙනවාට වඩා ළමයට ලකුණු අඩු වුනාට දෙමවුපියන් බනින්නේ නම් එය ඇසීම
යහපත් ය.නයෝමි හැම
ළමයෙක් ට ම සමාන
ව සැලකුවා මිස කිසි දිනෙක ඔවුන්ගේ දෙමවුපියන්ගේ රැකියා, සමාජ තත්ත්ව සොයා නොබැලුවාය.නමුත් අසන බැනුමක් අසන්නට වන්නේ කාගෙන් ද වත් දැනගත
යුතු යයි සිතා ඇය මධුක ගේ
පුද්ගලික ලිපි ගොනුව අතට ගත්තාය. ඇයට හීල්ලුනේ මවත් පියාත් දෙදෙනා ම ඉංජිනේරුවන් බව
දුටු විටය.
ගුරු
දෙගුරු රැස්වීම් පැවැත්වෙන්නේ පන්ති කාමරය තුල ම වුවත් මෙවර
නයෝමි ගේ පන්තිය තිබු
ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරන නිසා පන්ති කීපයක රැස්වීම් පැවැත්වුනේ ප්රධාන ශාලාවේ
ය."මට මයි වෙන්නේ,
නයෝමි තමන්ට ම කියා ගත්තාය.
ළමයින්
ගේ නම් ලයිස්තුවේ පිළිවෙලට දෙමවුපියන් ට එන්නට වෙලාවක්
දී තිබුන නිසාත් දෙමවුපියන් ද ඒ වෙලාව
තුල ම එන්නට උත්සාහ
කිරීම නිසාත් රස්තියාදුවකින් හෝ කාලය නාස්ති
වීමකින් තොරව හමුව ඇදීගෙන ගියේය. පැය 2-3ක් ගත වුන
පසු නම් ලැයිස්තුව බැලූ නයෝමි ට කෙඳිරි ගෑවුනේය.
ඒ වෙද්දී ම මධුක තාත්තා
ද සමග ඇතුලට එබුණේය.
නයෝමි
සිනාවක් මවා ගෙන ඔවුන් පිලි ගත්තාය.
මේසය
ඉදිරියේ තිබු පුටුවේ ඉඳ ගත් පියා මධුක ගේ ප්රගති
වාර්තාව අතට ගත්තේය. නයෝමි ගේ පපුව ගැහෙන
ශබ්දය එලියට ඇසෙන තරම ය.
"චිත්ර
වලට නම් මෙහෙම ඇති කියල මට හිතුනා" ඔහු
සිනා සී කිවේය.
"ගෙදරදී ත්
චිත්ර අඳිනවා ද"
"අපෝ මෙයාගේ
කාමරේ බිත්ති අජන්තා ගල් ගුහාව වගේ"
"පන්තියේ පොත්
වලයි, විභාග ප්රශ්න පත්ර වලයි මධුක
චිත්ර ඇඳලා".නයෝමි
යන්තමින් සිනාසුනාය.
"හ්ම්...දක්ෂ
ඒකට නම් ඒ පැත්තෙන් ගියාවේ"
නයෝමි
පුදුමයෙන් ඔහු දෙස බැලුවේ කන් දෙක අදහා ගත නොහැකිවය.
ඔහු
ඇගේ පුදුමය හඳුනා ගත්තාය.
"අවුරුද්දකට doctors ලා, engineers’ ලා,
lawyers’ ලා කී දාහක් බිහි
වෙනවා ද? ඒත් මිනිස්සුන්ගේ
හිත් වල රැඳෙන විදියේ
නමක් ගන්න පුළුවන් කී දෙනාටද? සෝලියස්
මැන්දිස්, මංජු ශ්රී, ජෝර්ජ්
කීට් ලා බිහි වුනේ
ලෝකෙට ම එක කෙනයි.
ඒ නම් පරම්පරාවෙන් පරම්පරාවට
මිනිස්සුන් ගේ හිත ඇතුලේ
ජීවමානයි.මධුක ජයසිංහ ගේ talents තියෙන්නේ ත් ඒ
පාරේ නම් අපි
ෆුල් සපෝර්ට් කරන්න ඕන... නේද මිස් "
නයෝමි
ගොළු වී ඔහු දෙස
බැලුවාය.වට පිට අනෙක්
සියලු දෙනා ද
වැඩ නවත්වා බලා ඉන්නේ
ඔවුන් දෙසය."ඔ..ඔව් මිස්ට
ජයසිංහ"ඇය වචන හොයා
ගත් වහා ම කීවාය.
මධුක
ගේ නමට ඉදිරියෙන් අත්සන් කල පියා නැගිට්ටේය.නයෝමි ට සුරත දිගු
කළේය."thank you
very much මේ දඟ මල්ල අවුරුද්දක්
ඉවසීමෙන් බලා ගත්තට."
"මේ ගමන්
ම චිත්ර මිස් වත්
මුණ ගැහුනා නම් හරි නේද"නයෝමි ඔහුට අතට අත දෙමින් කීවාය.
"thank you මිස් මතක් කලාට.පුතා මිස් ට වඳින්න."
මධුක
දන ගසා නයෝමි ඉදිරියේ වැඳ වැටුනේය.නයෝමි ගේ සිතේ සිසිලස
කඳුලක් වී ඔහුගේ හිස
මත ඇද වැටුනේය.
Comments
Post a Comment