තරු කුමරා


Prince Sky (Winx Club) | Legends of the Multi Universe Wiki | Fandom
මංගල යෝජනාවක සඳහන් සුදුසුකම් සපුරා තිබියදීත් නෙල්කා සුදුසු සහකාරයෙක් තවමත් නොලැබීම නෙල්කාට වඩා ඇගේ දෙමවුපියන්ට ත් ඊටත් වඩා අහල පහල අයට ත් මහත් ප්රශ්නයක් වී තිබුණි.සමහර නෑදෑයන්ගේ පවා ලොකු අර්බුදය වූයේ මේ ප්රශ්නයයි.
නෙල්කා ගේ පාසල් කාලයේ හොඳම මිතුරිය රන්මලී දිනක් ඇය මුණ ගැසීමට ආවාය.
"උඹ නම් මේවා විශ්වාස කරන්නේ නෑ.අපේ නැන්දගේ දුවට ත් ඔහොම මගුලක් හරි යන්නේ නැතුව තිබිලා දේවාලෙක කපු මහත්තයෙක් කේන්දරේ බලලා මේ පළාතේ කෙනෙක් තව මෙච්චර කාලෙකින් මුන ගැහෙයි කිව්වලු."
"ඉතින්  හරි ගියාද"
"ඔව්,අවුරුද්දක් ඇතුලත උරුමක්කාරයා මුණ ගැහෙනවා කියල තිබුනේ.හරියට මාස 11ක් යද්දී අයියා ගෙදරට හොයාගෙන ආවා ලු."
"අපි ත් යමු කෝ එහෙනම්"එතනට එමින් සිටි නෙල්කා ගේ අම්මා කීවාය.
---------------------------------------------------------------------------------------------------
බුලත් අත හා පඬුරු කපු මහතාගේ මේසය උඩින් තබා නෙල්කා  මැදින් අම්මා සහ රන්මලී දෙපසින් ඉඳ ගත්හ.කපු මහතා නෙල්කා ගේ කේන්ද්රය පරීක්ෂා කළේය.කඩදාසියක යමක් ලිව්වේය.ගණන් හැදුවේය.නැවත ගණන් හැදුවේය.පොත් කීපයක් පෙරලා බැලුවේය.
"මෙහ් ,පොර හොයන්න අමාරුයි වගේ"නෙල්කා රන්මලී ගේ කනට කොඳුලාය.
"හැංගිලා ඉන්න එකෙක් කොහෙද"රන්මලී පිළිතුරු දුන්නාය.
"ත්රස්තවාදියෙක් දන්නේ නෑ බන්"කෙල්ලෝ දෙන්න ගේ කසු කුසුව නැවතුනේ අම්මා රවා බැලූ  නිසාය.
අවසානයේ කපු මහතා උගුර පෑදුවේය."අපි හැමෝටම පතාගෙන එන උරුමක්කාරයෙක් ඉන්නවා.මේ ළමයාගේ උරුමක්කාරයා ඉපදිලා ඉන්නේ සෑහෙන දුරක.හැබැයි වෙද්දී ළමයා ත් මේ ළමයාව හොයාගෙන එන්න පටන් අරන් තියෙන්නේ."
රන්මලී නෙල්කා වැලමිටෙන් ඇන්නාය. "ළඟ දී කේක් කතහැකි "
" කියන්නේ කපු මහත්තයා  ලඟදි මුණ ගැහෙයි "අම්මා බලාපොරොත්තු සහගත ඇසුවාය.
ඔහු නැවත උගුර පෑදුවේය."ඒක තමයි තියෙන ප්රශ්නේ...මම කිව්වා නේ සෑහෙන දුර ඉපදිලා ඉන්නේ කියලා. නිසා කොච්චර කල් යයි කියන්න අමාරුයි".
"කොහෙද කපු  මහත්තයා ඔය කෙනා ඉන්නේ"නෙල්කා ඇසුවේ දවසින් ලෝකයේ ඕන තැනකට ලඟා විය හැකි තරම් දියුණු ලෝකෙක මේ සංසාර ගත උරුමක්කාරයා සහරා කාන්තරය මැදින් ඔටුවෙකුගේ පිටේ හෝ ඇලස්කාවේ සිට හිම කරත්තයකින් එන්නේ දැයි හිතාගත නොහැකිවය.කපු මහතා නෙල්කා දෙස කෙලින් බැලුවේය.
"මේ කේන්දරේ හැටියට ඔය ළමයාගේ උරුමක්කාරය ඉපදිලා ඉන්නේ andromida චක්රාවාටයේ".


Comments