මම කැමති ම වීරවරිය

 

"අන්තර් ජාතික සඟරාවකට කාන්තා දිනය නිමිති කරගෙන ලිපියක් ලිවීමේ දුර්ලභ 
අවස්ථාව අපේ පාසලේ ලමයින්ට උදා වෙලා තියෙනවා.ඉස්කෝලෙන්  තෝරා ගත්ත
 හොඳ  රචනා තුන අපි  තරඟයට යවන්න බලාපොරොත්තු වෙන්නෙ. තරඟයෙන් 
දිනුවොත්  රචනාව මුළු රට  නියෝජනය කරමින් භාෂා ගණනාවකින් ලෝකය පුරා 
මුද්රණය වෙනවා" උදෑසන රැස්වීම අමතමින් විදුහල්පතිතුමා කීවේ සිසුන් අතර විශාල 
ප්රබෝධයක් ඇති කරවමිනි. හැම පන්තියකින්  රචනා ලියවා හොඳ  රචනාව තෝරා
 එක් එක් වසරකින් හොඳම රචනාව බැගින් තෝරන්නටත්  අතරින් හොඳම රචනා තුනක්
 තෝරා ගන්නටත් ගුරුවරුන්ට උපදෙස් ලැබී තිබුණි. මාතෘකාව වූයේ "මම කැමති 
 වීරවරිය"යන්නයි.
 පන්තියේ ළමුන්ගේ රචනා කියවමින් සිටි චන්දිමා ගුරුතුමියට නොදැනුවත්   ඈනුමක් 
ගියේය.සියළු රචනා එක සමානය. ඒකාකාරීය. "විහාර මහ දේවි, සෝමා දේවි,සෝමා දේවි
, විහාර මහ දේවි" තමන්ට  තොල මතුරා ගනිමින් ඇය ඊළඟ රචනාව අතට ගත්තාය. 
               මට හිතෙනා හැටියට වීරවරු වර්ග දෙකකි. එක් වර්ගයක් ඔවුන්ගේ වර්තමානයේ
දී  වීරයෙක් බවට පත් වේ.අනෙක් වර්ගය වර්තමානයේ සමාජයේ ගැරහුමට නින්දාවට
 සමච්චලයට ලක් වුවත් අනාගතයේ වීරයෙක් ලෙස ගරු බුහුමනට ලක් වේ.මම කැමති  
වීරවරිය අයත් වන්නේ දෙවන කොටසටය....  ආරම්භය ඇයට වෙනසක් ගෙනාවේය.ඇය
 පුටුවේ හරි බරි ගැසුණාය. 
....මා කැමති  වීරවරිය රසිකා දර්ශනීය. සුමනසිරි ගේ ත් නන්දනී ගේත් එක  දරුවා 
ඇයයි.ඇයට අවුරුදු පහක් වෙද්දී අම්මා මෙලොව හැර ගියාය.කුඩා දැරියක් සමග තනි වූ
 සුමනසිරි ඉන්දුමතී හෙවත් මගේ මව කැන්දාගෙන ආවේය. මට මතක ඇති කාලයේ සිට
 ගෙදර වැඩ වලින් වැඩි දෙයක් කලේ අක්කාය.නංගීත් මල්ලීත් පොඩි කාලේ ඔවුන්ට අම්මා
 කළේ කිරි දීම විතරක්  වාගේය. අපි මේසයට වාඩි වී කෑම කද්දී අක්කා කුස්සියේ බංකුවේ
 වාඩි වී කෑම කෑවේත් අපි හැමෝම සාප්පුවෙන් අළුත් ඇඳුම් ගෙන අඳිද්දී අක්කාට පොළෙන්
 ගත් චීත්ත රෙද්දකින් ගවුමක් මැසුවේත් ඇයි දැයි  කාලයේ මට නොතේරුණත් දැන් මම
 දනිමි. කුඩම්මාගේ සැලකිලිය. මට අවුරුදු 10ක් වෙද්දී තාත්තා අනතුරකින් එක් තැන්
 වූයේය.ගෙදර ආදායමක් ඉපයුවේ ඔහු පමණක් නිසා අන්ත අසරණ වූ අපේ පවුල 
වෙනුවෙන් ඉදිරියට ආවේ  වෙද්දී  ලෙවල් විභාගයට පෙනී සිට තිබූ අක්කාය.ඇය ටවුමේ
 ගාමන්ට් එකේ වැඩට ගියාය.එලි වෙන්නටත් පෙර ඇහැරී ගෙදර වැඩටත් උදව් වී පිටමං වන
 ඇය ගොස් ගෙදර ආවේත් අඳුර වැටුන පසුය. තෙහෙට්ටුවේ උපරිමයෙන් වුවත් නැවත රෑ 
උයන්නටත් උදව් වූයේ එක  වචනයක හෝ විරසකයක් නැතිවය.
               කොතරම් බෙහෙත් කළත් තාත්තා අප හැර ගියේය. වෙද්දී තාත්තා වෙනුවෙන්
 අප සතු සේසත  වියදම් වී හමාරය.අක්කාට පමණක් පවුලේ බර අදින්නට බැරි වෙද්දී 
අම්මා  කඩ කෑම හදන ව්යාපාරයකට අත ගැසුවාය. ඒවා හදන්නට උදව් වූයේත් කඩ වලට
 ගෙන යන්නට සිදු වූයේත් අක්කාටය. මම හෝ මල්ලි එයට ඉදිරිපත් වූවත් අම්මා අපට සැර
 කළේ "කඩවල් ගානේ යන්න ලැජ්ජා නැද්ද?" අසමිනි.කොල්ලන් වූ අපට ඉන් ඇති වන
 ලැජ්ජාව තරුණියක වන අක්කාට නැත්දැයි මට නොයෙක් වර සිතුනේය. මහන්සි වී වැඩ 
කර පුරුද්දක් නැති අම්මා අවසානයේ ලිප ළඟ දුම් කෑමත් නින්ද අඩු වීමෙනුත් ලෙඩින්
 වැටුණාය.අපේ අවාසනාව තවත් ඇති බව පෙන්නමින් ඇයත් තාත්තාගේ පාරේ  ගියාය.
එදා අපි මොර දී හැඬුවත් අක්කාගේ මුහුණින් පළ වූයේ දුකකට වඩා මහා අධිෂ්ඨානයකි.
 හත් දවසේ දානය දා හන්දියෙ මුදලාලි ටයි පැළඳි දෙන්නෙක් සමග ගෙදරට ආවේය. 
තාත්තාට බෙහෙත් කරන්නට අපේ ගෙයත් ඉඩමත් බැංකුවට උගස් කළ බවත්  ණයෙන් 
සතයක් වත් මෙතෙක් ගෙවා නැති බවත් අප දැන ගත්තේ එදා .බැංකුව ඇවිත් සිටියේ 
ගේ සින්න වන බව දන්වන්නටය.ගෙයත් නැති වුනොත් අපට මහ පාරෙන් මෙහා කිසිවක්
 හිමි නැත. 
"මොනව වුණත් ගමේ පවුලකට මෙහෙම වෙන්න අපිට ඉඩ දෙන්න බෑ.ඔය ළමයිත් කවුරුත්
 නැතුව අසරණ වුණ වෙලාවනේ .... මුදලාලිගේ සත්ත්ව කරුණාව මට ඇල්ලුවේ නැත. 
"මේ ළමයි ගැන හිතල මම මේ ණය පවර ගන්නම්.ණයයි පොළියයි දෙක  මම ගෙවන්නම්.
මේ ළමයිට බැරියැ තියෙන විදියකින් මට ඒක ගෙවල දාන්න" වචන කියද්දී මුදලාලිගේ 
මුහුණේ තිබුනේ මහා බඩගිනිකාර කෑදර පෙනුමක් බව මල්ලී මට කසුකුසුවෙන් කීවේය.
එහෙත් එය එසේ සිදු වුනේය. 
               නගරයේ ගාමන්ට් පඩිය අපට ජීවත් වන්නටත් ණය ගෙවන්නටත් මදි වූ නිසා
 අක්කා මුදලාලි අළුතින් ඇරඹූ මැහුම් සාප්පුවේ මහන්නට ගියාය.අක්කා ගැන ගමේ අය 
කියන තිත්ත කතා බොහොමයකි. ඔවුන්ට සහෝදරියන් දියණියන් නැතුවා වෙන්නට ඇති.
නමුත්  කිසිම කතාවකින් නොසැලී ඇය තමන් වෙනුවෙන් රෙදි කෑල්ලක් වත් මිලට 
නොගෙන අප  කිසි අඩුවක් නැති  ජීවත් කරයි. අපි තුන් දෙනාගේ හුස්මේ අයිතිය 
ඇත්තේ ඇයටය.මේ මොහොතේ ඇය කාගේත් නින්දාවට ලක්  සිටියත් අනාගතයේ 
ජාතික වීරවරියක් ලෙස ගරු බුහුමන් ලැබේවා පතමි. 
               චන්දිමා නැගිට ගොස් එක හුස්මට වතුර වීදුරුවක්  බිව්වාය.උගුරේ හිර වී ඇති
 ගින්දර බෝලයට එයින් වත් සහනයක් නැත.ඇයගේ හිතට එකඟ  නම් පන්තියේ හොඳ 
 රචනාව එයය. නමුත්....නමුත්.....එය කිසිවෙක් අනුමත නොකරන බව නිසැකය.හිතත් 
මොළයත් අතර විවාදයකින් නිදි නැති රැයක් ගත කළ ඇය තීරණයක් ගෙන පහුවදා පාසල්
 ගියාය.

"අපි මේක කෙලින් ප්රින්සිපල් සර් පෙන්නමු." රචනාව කියවා ඇය මෙන් සංවේදී බවට පත් වූ සිංහල අංශ භාර ගුරුතුමිය ඇයත් කැටුව කාර්යාලයට ගියාය.

රචනාව කියවූ විදුහල්පතිතුමා පුටුවෙන් නැගිට ගොස් ජනේලයෙන් ඉවත බලා සිටියේය. නැවත කතා කරද්දී ඔහුගේ හඬ වෙනස් වී තිබුණි.

"කවුරු පිළි නොගත්තත් මේ තමයි වර්තමාන අපේ රටේ සැබෑ වීරවරියන් මිස්.අඩු ගානෙ මේ ළමයින්ට අක්කා පේන්න ඉන්නවා. තාත්තාගෙ බේබදුකම නිසා අපි වැටිල හිටිය අගාධෙන් ගොඩ ගන්න මගෙ අම්මා රට ගියා. එදයින් පස්සෙ මම අම්මා කවදාවත් දැක්කෙ නෑ. අදටත් කොයි තරම් හෙව්වත් එයා ජීවතුන් අතරද වත් දන්නෙ නෑ....... අනිත් ටීචර්ස්ලා තෝරන රචනා තුනත් එක්ක අපි මේකත් යවමු.වෙනස් විදියට හිතන කවුරු හරි හිටියොත්....."

*********************************************************************************************

                     කාලය ගත වුවත් තරඟය ගැන හාවක් හූවක් නැත.දිනන රචනය පළ වන සඟරා කලාපය ගැන දැනුම් දී තිබුණ නිසා චන්දිමා නිතර පොත් කඩ පීරා බැලුවාය. අඩමානයට වුවත් පුංචි බලාපොරොත්තුවක් ඇගේ හිතේ ඉතිරි තිබුණි.

කාර්යාලයෙන් කැඳවීමක් ආවෙන් ඇය ලහි ලහියේ එහි ගියාය.විදුහල්පතිතුමා ගේ මේසය මත අළුත් සඟරාවේ පිටපතක් ඇත.ඇගේ හිත හරහා සීතල පවන් රළක් ඇදී ගියේය.

"වාඩි වෙන්න මිස්.අපි දැනගෙන හිටියා වගේ තරඟෙන් දිනල තියෙන්නෙ බරසාර සාම්ප්රදායික රචනයක්....ඔහු පිටුව පෙරලාගෙන කියයි.ඇයට බැලුම් බෝලයක් පිපිරී හුළං ගියාක් මෙන් දැනුනේය.

 ..... සමාජ සේවා ආයතනයක් දැන් කතා කළා.එයාල ලබන සතියෙ මෙහෙ එනවා මේ පවුලට ගේ නිදහස් කරල මේ කියන අක්කාට මැහුම් වැඩපළක් දාන්න උදව් කරන්න.මහන ඇඳුම් වලට මාකට් එකත් එයාල හදල දෙනවලු."

චන්දිමාට සතුට වැඩි කමට කතා කර ගන්නටත් නොහැකි විය.

"තරඟ සීයකින් දිනුවාට වඩා ඒක වටිනවා සර්. වගේ වීරකම් පිළිගන්න මිනිස්සු ඉන්න එක ම හරි  සන්තෝසයක්"

--------Shanika Tennakoon---------------

Comments