බෝනික්කි

        

               ඉතා වටිනා කලා කෘති, සිහිවටන,පුරා වස්තු වලින් පිරුණු කෞතුකාගාරය
නරඹමින් යන සංචාරක පිරිසකි. එකිනෙකේ අලංකාරය, වටිනාකම අහන දකින
ඔවුන්ගේ දෑස් මහත් වේ.නළල රැලි වේ.කට ඇරේ.එක් එක් කුටිය පසු කර ඔවුහු
විශේෂ ආකාරයකට සකසා තිබූ කුඩා කුටියකට ආහ.එහි තිබුනේ  එක එක මේසයක්
පමණි. මත විල්ලුදයක් මත තබා වීදුරු කූඩුවකින් වට කර නිල් පැහැ ආලෝක ධාරාවකින් නාභිගත කර තිබුනේ දුර්වර්ණ, අතකින් කොටසක් බිඳී ගිය පැරණි පිඟන් මැටි බෝනික්කෙකි!! සංචාරකයෝ ව්යාකූල එකිනෙකා දෙස බලන්නටත් මුමුණන්නටත්
පටන් ගත්හ.
                "නෝනා වරුනි,මහත්වරුනි,මේ තරම් වටිනා නිර්මාණ රාශියක් මැදට මේ පාට
ගිය පරණ බිඳුනු බෝනික්කා නොගැලපෙන බව ඔබ සිතනවා ඇති....ඔවුන්ගේ
මාර්ගෝපදේශකයා කීවේය. ....... නමුත් මම කිව්වොත් මේ මුළු කෞතුකාගාරයේ ඇති
විශේෂ වස්තුව මේ බෝනික්කා බව?" ඔහු කුතුහලය අවුස්සන රිසින් මොහොතක්
නිහඬ සිටියේය. ඔහුගේ බලාපොරොත්තුව සාර්ථක කරමින් පිරිස නොසන්සුන්
එකිනෙකා දෙස බලමින් කොඳුරන්නට වූහ.
               "හොඳයි ඔබ සියළු දෙනාගේ කුතුහලය දුරු කරන්න මම ලෑස්තියි.මේ බෝනික්කා ලන්ඩනයේ අම්මාත් තාත්තාත් මල්ලීත් එක්ක බොහොම සතුටින්ජීවත් වූ දැරියකගේ පස්
වන උපන් දිනයට තාත්තාගෙන් ලැබුණ තෑග්ග.හැම සෙල්ලම් බඩුවකට වඩා ඇය
තෑග්ගට ආදරේ කළා. බෝනික්කාට ඇය තැබූ නම නෙලී. ඊළඟ උපන් දිනය වෙන්නට
කලින් අවාසනාව ඔවුන් හොයා ආවා. තාත්තා වැඩ කළ ආයතනය බංකොලොත්  වීමෙන්
ඔහුට රැකියාව අහිමි වුණා. නොගෙවූ බිල් හා ණය ගොඩක හිර වීම දරා ගන්නට
නොහැකි තාත්තා දිවි නසා ගත්තා. ඔවුන්ට එක පිහිට ලෙස පෙනුනෙ ගම්බද
ගොවිපළක විසූ අම්මාගේ දුර නෑයෙක් වූ ජැක් මාමා.නගරයේ ඔවුන් සතු සියල්ල විකුණා
ණය හා බිල් ගෙවා දමා ඔවුන් එහි ගියා. උපන් දා සිට නගරයේ ජීවත් වූ ඔවුන්ට ගම්බද
ජීවිතය හරි අසීරු වුණා. අතර වසංගතයකින් ඇගේ මල්ලි මිය ගියා.නුහුරු
දේශගුණයත් අධික ලෙස වැඩ කිරීමත් නිසා අම්මාත් ලෙඩින් වැටුණා.මේ නිසා ගෙදරත්
ගොවිපලේත් සියළු වැඩ ඇගේ කර පිට වැටුණා.ඇගේ තත්ත්වය තවත් අයහපත් වුනේ
අම්මා මිය යාමෙන්. බාප්පාගේ පවුලෙන් ඇයට ලැබුනේ මෙහෙකාරියකගේ සැලකුම්.
ඇගේ හැම දුකක් බෙදා ගන්නට හිටියෙ නෙලී විතරයි. දිනක් බාප්පාගේ දරුවෙක් නෙලී
තරයේ ඉල්ලා සිටියා.මෙතෙක් හැම දේ නිහඬ දරා ගත් ඇය ඊට තදින් අකමැති
වුණා. බාප්පා නෙලී උදුරා විසි කළා. එයින් නෙලීගේ අතේ කොටසක් බිඳී ගියා.එදා ඇය
තීරණය කළා. ගෙදරින් පිට වෙන්න. ලන්ඩනයේ සිට කෝච්චියෙන් මතකය දිගේ තමන්
සන්තක පැන්ස ගණනින් ගත හැකි ටිකට්පතක් ගෙන ඇය ඉබාගාතයේ දුම්රියට නැගුනේ
තමන් සන්තක ඇඳුම් කීපයත් නෙලීත් කැටුව......හරි අවාසනාවන්ත බෝනික්කෙක්
නේද?......
                දුම්රියේ දී ඇයට කරුණාවන්ත පෙනුමැති කාන්තාවක් මුණ ගැසුණා.
කාන්තාවට පුංචි බෙහෙත්හලක් තිබුණා.එහි පඩියක් නැතිව කෑම හා නවාතැන් පමණක්
ලබමින් ඇය සේවයට එක් වුණා. බෙහෙත්හලේ දක්ෂ අවංක වැඩ කළ ඇයට කරුණාව
දැක්වූ කාන්තාව ඇයට බෙහෙත් කළවම් කරන හැටිත් කියා දුන්නා. එහෙත් අවාසනාව
තවමත් ඇය හඹා ආවා. කාන්තාව හදිසියේ මිය ගියේ කඩ කාමරයේ කුලිය පවා
නොගෙවා.කඩයේ සේවය කළ නිසා අයිතිකරුවන් හා බාර දීමට තිබූ ඕඩර හිමියන් ඇයව
හඹා ආවා.නමුත් මෙවර ඉරණමට ඕනෑ හැටියට නැවෙන්නට ඇය සැරසුනේ නැහැ. ඇය
තනි ඕඩර සම්පූර්ණ කරන්නට දිවා රෑ වෙහෙසුණා.අළුත් සංයෝග අත් හදා බැලුවා.
අවසානයේ ඉරණම නියම අතට පෙරළුනේ අහම්බයකින් ඉතා සුවඳැති සුවඳ විලවුන්
වර්ගයක් ඇය අතින් නිර්මාණය වීමෙන්.එතැනින් පසු ඇගේ දියුණුව නවත්වන්නට කාටවත්
හැකි වුණේ නැහැ. විලවුන් වර්ගය දෙස් විදෙස් පුරා පැතිරුණා. සියළු රජ සිටු මාළිගා
සුවඳට නතු  වුණා. අද සුවඳ අවුන්සයක මිල පිරිසිදු රත්තරන් අවුන්සයක මිලට වඩා
වැඩියි. එවන් දුක දිනා ජය ගත් ව්යාපාරිකයෙක් හා විවාහ වීමෙන් දෙදෙනා එක්
ඉතා විශාල ව්යාපාර ජාලයක් ගොඩ නැගුවා. ඇය ලෝ පතළ සන්නාමයක හිමිකරු වුණා.
තමන්ගේ දරුවන්ට තමන් නොලද සියළු සැප පහසුකම් ලබා දුන්නා. දරුවන් ලෝකය පුරා
තම නිදහස සොයා ගියා.සැමියා මිය ගිය පසුත් තනිව ව්යාපාරය මෙහෙයෙව්වා. දරු
මුණුබුරන් දේපල තමන්ට පවරන තුරු කල් බලද්දී ඇය ඉහළ පෙලේ වැඩිහිටි නිවාසයක
නවාතැන් ගෙන අධ්යක්ෂ මණ්ඩලයක් හරහා සියල්ල පරිපාලනය කළා.
               දිනක් හදිසියේ ඇයට  අසාධ් බව වැඩිහිටි නිවාසයෙන් දරුවන්ට දැනුම් දුන්නා.
මෙතෙක් ඇය බලන්නට එන්නට වේලාවක් නොවූ කාර්යබහුල දරු කැල වහා සොයා
ආවා. ඔවුන් පිරිවරා ඇය අවසන් ගමන් ගියා. තමන්ගේ මළගම වෙනුවෙනුත් ඇය මුදල්
වෙන් කර තැබූ නිසා එය කාටවත් බරක් වුණේ නෑ.මරණයේ කටයුතු අවසන් වූ වහා
දරුවන් ඇගේ නීතීඥ මාක් වටා රොක් වුණා. ඔව්....ඇය අන්තිම කැමැත්තක් ලියා තිබුණා.
ඇගෙන් පසු දරුවන්ට හිමි කර දී තිබුනේ........................ ජීවිත කාලය ඇගේ ළඟින් හිටි
නෙලී........"
               අසන්නන්ගෙන් හුස්ම උඩට අදින හඬක් සැනින් ඝෝෂාවක් දක්වා වර්ධනය වූමුණු මුණුවක්ද ඇරඹුනේය. නිවේදකයා කුතුහලය රඳවා මොහොතක් විවේක ගත්තේය.....
.. "ඔව් නෝනාවරුනි,මහත්වරුනි අද ඔබ හැසිරෙන විදියටමයි එදා ඇගේ දරුවන් මේ
අවසන් කැමැත්ත අසා සිටියේ.ඔවුන් නෙලීගේ කිසියම් පෞරාණික හෝ වටිනාකමක්
ඇත්දැයි සොයා බැලුවා.රහස් වස්තුවක් නෙලී තුළ සැඟව ඇත්දැයි නැත්නම් විශේෂ
පාෂාණයකින් තනා ඇත් දැයි හෙව්වා.ඒත් දුර්වර්ණ අතක් බිඳුන පරණ බෝනික්කෙක්
පමණයි.ඔවුන් ඉතා දුර්මුඛ නෙලී තමන්ට කිසිසේත් අනවශ් බවට ලියවිලි අත්සන්
කර තම තමන්ගේ ගෙවල් වලට ගියා. මෙය නීතිමය කටයුත්තක් නිසා තවත් මාස කීපයක්
නෙලී වැඩිහිටි නිවාසයේ රඳවා තබන්නට නීතීඥයා ඉල්ලා සිටියා.

               වැඩිහිටි නිවාසයේ පරණ බඩු කාමරයේ මුල්ලක් නෙලීට හිමි වුණා.දූවිල්ලෙන් මකුළු දැලින් වැසී කාටත් අමතක ගියා....... නිවාසයේ සනීපාරක්ෂක කම්කරු ලෙස අළුතෙන් සේවයට බැඳුන බාබරා කුණු ලොරියට පටවන්නට බඩු සොයද්දී මේ දූවිලි පොදිය දුටුවා.අනතුරකින් දෙමාපියන් දකුණු කකුලෙන් කොටසක් අහිමි සිටි තම එක මිණිබිරිය ඇනාට සුදුසු තෑග්ගක් ලෙස නෙලී හඳුනා ගත් ඇය එය ගෙදර ගෙන ගියා. ඇයත් තමන් මෙන් ආබාධිත නිසා ඇනා බෝනික්කාට ඉතාම ආදරේ වුණා. මාස කීපයකින් මාක් නැවත වැඩිහිටි නිවාසයට ආවා. අවසන් කැමැත්තේ උපදෙස් ලැබී තිබුනේ මරණයෙන් වසරකට පසු ත් බෝනික්කාට අයිතිකරුවෙක් නැත්නම් එය ඔවුන්ට පවරා ගන්නට. බාබරාගෙන් විස්තරය දැන ගෙන ඔහු ඇනා හමු වුණා.නමුත් ඇනා නෙවේ සල්ලි කීයක් දුන්නත් නෙලී දෙන්නට කැමති වුනේ.මාක් නුහුරු ලෙස හිනා වුණා.

"නෙලීට මේ වගේ අයිතිකාරයෙක් තමා මැඩම් හෙව්වෙ.....මෙන්න දුව"මාක් තරමක සේප්පුවක් ඇනාට දුන්නා.එහි යතුර....ඔව් නෝනා වරුනි මහත්වරුනි....එහි යතුර විදියට සවි වුනේ නෙලී ගේ කැඩුණ අත...!

අසන්නන්ගේ විස්මය තව තවත් වර්ධනය වූවේය.

....හොඳයි යතුරෙන් ඇරුණු සේප්පුවේ මොකක්ද තියෙන්නට ඇත්තේ?.....සල්ලි, මැණික්,ඉඩ කඩම් වල ඔප්පු......

අසන්නන්ගෙන් විවිධ අදහස් නැගුනේය. නිවේදකයා මඳ සිනාවකින් සියල්ල නැහැයි කියන්නට හිස වැණුවේය.

" සේප්පුවේ තිබුනේ එක එක කඩදාසියයි.....එහි තිබුනේත් එක එක වාක්යයයි......ඇගේ ව්යාපාර ජාලයේ සන්නාම හිමිකම නෙලීගේ හිමිකරුට හිමි වන බවයි.!!!"

අසන්නෝ මහ හඬින් ප්රීති ඝෝෂා කරමින් ඔල්වරසන් නැගූහ.

 

Comments