නෑයෝ

 "ලොකු නැන්දා නේද අර හරි කලබලෙන් මේ පැත්තට එන්නෙ" ඉස්තෝප්පුවෙ සිටි මම පාර දිහා බලාගෙන ගෙතුළට ඇහෙන්නට කීවෙමි.

"ඔව්මයි.මොකද දන්නෙ නෑ කාලෙකින් මේ පැත්ත මතක් වුණේ"අම්මා මිදුලට බහිමින් කීවාය.

"මොකද අක්කෙ හරි හදිසියෙන් වගේ?"

 නැන්දා පාර දිගේ වේගයෙන් ගෙට ගොඩ වී ඉස්තෝප්පුවේ ඉඳ ගත්තාය. "හදිසි නොවී පුළුවන් මේ ඇහෙන කතා වලට.ඇත්ත අර පීතරයගෙ කොල්ලා සුදු දුවව කරකාරෙට ගන්න ඇහුව කියන්නෙ. උන්ට දෙන්න කෙල්ලො කෙහෙද අපේ පවුල් වල" මට ගම් පෙරළියේ දෙබසක් සිහි විය.

"............. ඒක කාරණේ...අම්මා වැඩි ගණනකට නැතුව කීවාය. .... ළමයා අපේ දුව මගදි දැකල කෙලින් ගෙදරට ඇවිත් අපෙන් කැමැත්ත ඇහුවා.දැන් බඳින්න නෙවේ.දුව පීඨෙන් අවුට් වෙලා ජොබ් එකට එහෙම ගියාම"

"හහ් කවදා කෙරුණත් වගේ උන්ට කොහේ තියෙන හයියක් එහෙම එකක් අහන්න වත්. දැන් මේ ලස්සෙට කොඩි දාන්න හැදුවට පීතරය ඉස්සර ගස් වල පොල් කැඩුවා.උගෙ ගෑණි ගෙවල් වල උයන්න ගියා" අම්මා තාත්තාගේ දේවල් කියමින් අර තරම් හොඳ සමන් අයියාට බැණ වැදීම  ගැන මට තරහක් ඇති විය.

"එහෙනම් තාත්තාගෙ සීයත් ඉස්සර කරත්ත එලෙව්වා කියන්නෙ."නොදැනුවත් මට කියවිණ.

 " උඹත් දැන් උගෙ පැත්තෙද කොල්ලො ...එවර ඇගේ කේන්තිය මගේ පැත්තට එල්ල විය. "ඔව් උඹටත් බැරියැ උගෙ දඬු මොනරෙ නැගල යන්න බලන් ඉඳපං අපේ පරම්පරා ඉඩ කඩම් ඔක්කොම ඕකා දෑවැද්දට සින්න කර ගත්ත උඹට උඩ බලන් ඉන්න. අනේ අපේ තාත්තා ජීවත් වෙලා හිටියා නම් ... උන්දෑ මේ තරම් අමාරුවෙන් හම්බ කරපුවා පවුලෙන් පිට යන හැටි දැකල යි මැරෙන්නෙ"

එවර බළලා මල්ලෙන් එළියට පැන්නේය. තාත්තාටත් නැන්දාටත් සම බෙදා දුන් ඉඩ කඩම් අපේ තාත්තා දියුණු කළේය.නැන්දාගේ බීමත් සැමියා නැති නාස්ති කළේය.දැන් ඇය සැමියාගේ පාරේ යන ලොකු පුතා ජයන්ත හරහා අක්කා ඩැහැ ගෙන දේපල ලබා ගැනීමට උත්සාහ කරන බව අම්මලා කසු කුසු ගානු මට ඇසී තිබුනේය. රස්තියාදු කල්ලියට වැටුණ ඔහු කීප වරක් පාරේ දී අක්කාට අනවශ් කතා කී බව අක්කා කීවේ මා සමගය. "නෑකම නෙවේ නං මං දනී කරන දේ.."

අතින් සමන් අයියා කොයි තරම් වැදගත් . "හරි හරි අක්කෙ. ළමයා එහෙම යෝජනාවක් ගෙනාවට අපි තාම දුවට වත් කිව්වෙ නෑ"අම්මා තත්ත්වය සමාදාන කරන්නට කීවාය. එදා නැන්දා ගෙදරින් පිට වුණේ සමන් අයියා පවුලට බන්දවා ගත්තොත් අපේ මරණෙට මගුලට වත් නොඑන බව කියමිනි. ඇගේ ආගමනයෙන් සිදු වූයේ උත්සාහවන්ත ව්යාපාරිකයෙක් වූ සමන් අයියා සමග විද්යා පීඨ ගුරුවරියක් වූ අක්කාගෙ විවාහය අපේ පවුලෙන් අනුමත වීමය.ආරාධනා කළත් නැන්දලාගේ පවුලෙන් කවුරුත් මංගල උත්සවයට සහභාගී නොවූයේ ඇගේ ප්රකාශයේ සත්යය පෙන්වමිනි. අම්මා පසු කලෙක ගැන කීවේ "ආවත් කාලා බීලා ගිහින් අඩු පාඩුවක් කියනවා මිසක් ලුණු ඇටේක උදව්වක් තියෙනවැයි" ලෙස .

සමන් අයියා සුළු පරිමාණයෙන් ඇරඹි ව්යාපාරය ඔහුගේ වෙහෙස මහන්සිය නිසා දිනෙන් දින වර්ධනය වූයේය.ව්යාපාරයේ කොටසක් කොළඹ ස්ථාපනය වෙද්දී ඔහු ආසන්නයේ නිවසක් මිල ගත්තේය. වෙද්දී විශ්ව විද්යාලයේ ඉගෙන ගත් මමත් නිවසේ පදිංචි සිටියෙමි. අක්කාත් මමත් හවසක අයියා එනතුරු කතා බහ කරමින් සිටිය දී ගේට්ටුව හැඬවෙනු ඇසුනේය. මුරකරුගේ මග පෙන්වීමෙන් නිවස දෙසට ආවේ අවුරුදු ගණනාවකින් අප මතක් වී තිබුණ ලොකු නැන්දාය.

"ආනේ නැන්දා දැක්ක කල්"අක්කා කිසි දු වෙනසක් නැති සිනාසුණාය.සතුටු සාමීචි කතා වලින් පසු ඇය කාරණයට බැස්සාය.

"අනේ දුවේ මහත්තයාට කියල අපේ පොඩි එකාට රස්සාවක් හොයල දෙන්න පුළුවන් නේද මහත්තයගෙ කොම්පැනි එකේ.ගමේ හිටියොත් අයියාගෙයි තාත්තාගෙයි අඩි පාරෙ යයි.අනේ ලොකු ලොකු උදව්වක්" ඇය පින්සෙන්ඩු වූවාය.

 "මම කියල බලන්නම්කො නැන්දෙ. කෝකටත් මට ටෙලිෆෝන් නොම්බරයක් දීල යන්න.මම කෝල් එකක් දෙන්නම්"

මම නැගිට ඉවතට ගියෙමි. එදා පීතරයාගේ කොල්ලාට පුතා කියන්නට  නොනැවුණ නැන්දාගේ දිව දැන් ඔහුට සර් කියන්නට නැවේවිදැයි මට තනි සිතුනේය.

Comments