ගැළපීම

 Use Matchmaking to Find the Perfect Employee :: Award Staffing

වත් පොහොසත්කමත්, පවුල් පසුබිමත් පවුලේ එක දරුවාත් නිසා විවාහ වෙළඳපොල තුල සමීර මංදෙණියට ඉහළ ඉල්ලුමක් තිබුණත් රූමත් චරිතවත් ගුණවත් උගත් කුලවත් වංශවත් ආදී ඔහුගේත් පවුලේ අයගේත් පෙරණ සියල්ලෙන් සමත් වූ මනමාලියක් සෙවීම උගහට වීමෙන් ජීවිතයේ තුන් වන දශකයේ මැදක් පසු වන තුරු ත් ඔහු සිටියේ තනිකඩවය.මගුල් කපුවන්ට මුල දී ඔහු මුදල් උපයන උල්පතක් වුවත් ඔවුන් ගෙන එන සෑම යෝජනාවක් ප්රතික්ෂේප වෙද්දී ඔවුහු මග හැර ගියහ.තව දුරටත් නිවසට යාම් ඊම් කරන්නේ සිරිදාස කපු මහතා පමණි.

 "මේ පාර නම් මම මහත්තයට හරියට හරි යන මනමාලි හොයා ගත්තා.කේන්දරත් ගැලපෙනවා 80%ක් " ඉතා සතුටින් පැමිණි ඔහු කීවේය.

 "කොහේ පවුලක් ?"

"නුවර පලාතෙ.කිසි හාමුවක් හෙම නැති බොහොම වැදගත් පවුලක්.පවුලෙ එක දුව. ආණ්ඩුවෙ රස්සාවක් කරන්නෙ.අයියා කෙනෙක් විතරයි ඉන්නෙ. පැත්තෙ ඉඩ කඩම් අයිති පවුලට."

 "මේ ළමයට අවුරුදු 30කටත් කිට්ටු නෙ.ඇයි මේ තරම් කාලයක් බැඳලා නැත්තෙ"

" වුණාට 25කට වඩා පේන්නෙ නෑ. බලන්නකො මේ ෆොටෝ එක. රස්සාව හම්බ වෙලා තියෙන්නෙ අම්පාරෙනුත් සෑහෙන්න දුර ඈතකට.මේ ගෑණු ලමයා හොඳ කැපවීමෙන් වැඩ කරන නිසා අවුරුදු ගානක් මාරුවක් දීල නෑ. දවස් වල මාසෙකට දෙකකට සැරයක් ගෙදර ඇවිත් යනවා විතරක් නිසා හරියකට මංගල්ලයක් කතා කරන්න වෙලා නෑ.මේ අවුරුද්දෙ තමා ගමට මාරුවක් හම්බ වෙලා තියෙන්නෙ."

ඔය කිව්වට එහෙ දාලා එන්න බැරි කෙනෙක් හිටියද කවුද දන්නෙ.සමීරට හිතුණු මුල් අදහස එය යි .....මේ ෆොටෝ එකේ නම් හරි ලාබාල පාට වුණාට මේක පරණ ෆොටෝ එකක් දන්නවැයි.ඔහු තවදුරටත් සිතුවේය. "අපි එහෙනම් දවසක් දාගෙන ගිහින් එමු කෝ"

 වන්දනාගේ ෆොටෝවේ වයස ගැන තිබූ සැක සංකා ඇය දැකීමෙන් දුරු වී පවුලේ වත් පොහොසත්කම ගැනත් මංදෙණිය පවුලෙන් කොළ එළි දැල්වෙද්දී මහා ආඩම්බරයකින් සිරිදාසගේ හිත පිම්බී ආවේ තමන්ට තිබූ දරුණු අභියෝගාත්මක කපුකමත් සාර්ථක වූයේය යන සතුටිනි. ඊළඟ සතියේ මනමාලිගේ පැත්තේ කැමැත්ත සමග ඔහු මංදෙණිය නිවසට ගොඩ වැදුනේය.

"..... මොකද අයට තරම් හදිසියක්.පැය කීයද කතාබහ කළේ.මොනව හරි හංගන්න දෙයක් තියෙනවද දන්නෙ නෑ"

 "අනේ හාමිනේ ආය මොන වරදක් .මං හොඳට දන්න අඳුනන පවුලක්.ආය මං හාමිනේලට නරකක් කරනවද?පවුල් දෙකත් ගැලපෙනවා.සමීර මහත්තයාට හොඳටම ගැලපෙනවා නේ ගෑණු දරුවා." සිරිදාස තරමක නොරිස්සුමකින් කීවේය.

"අපි ටිකක් හොයල බලමු හදිසි වෙලා වචනයක් දෙන්න කලින්"

සමීරගේ හිතේත් වන්දනා ගැන කැමැත්තක් ඇති වී තිබුණ නිසා මහත් උත්සාහයක් දරා අම්පාරේ සේවය කරන පාසල් මිතුරෙක් සොයා ගත් ඔහු වන්දනා සේවය කළ ප්රදේශයේ විස්තර සෙවීම ඇරඹුවේය.ඇය සේවය කළ කාර්යාලය අම්පාර නගරයෙන් ඉතා ඈත පිහිටි අති දුෂ්කර කලාපයක් වූ නිසා එහි යාම් ඊම් කිරීම අතිශය දුෂ්කර විය.මාස ගණනක මහා පරිශ්රමයකින් පසු ඇගේ එහි චරිතය ගැන සෑහීමට පත් විය හැකි තරම් කරුණු සමීර හොයා ගත්තේය.එතැනින් නොනැවතුනු ඔහු ඇය දැන් සේවය කරන කාර්යාලයේ ඇගේ හැසිරීම සොයා බැලුවේය.ඇය ඉගෙන ගත් බාලිකා පාසල එදා අසා දැන ගත්තෙන් කාලයේ ඇල්ලූ අඩව් ගැන සොයා ගන්නට ඇයගේ සමකාලීන සිසුවියක සොයා ඔහු දැඩි වෙහෙසක් දැරුවේය. ඔහු ඇය ගැන රට පීරමින් සොයන අතරතුර පවුලේ අනෙක් අය පවුලේ ඉඩ කඩම් වල නිරවුල් බවත් මා පිය පරම්පරා වල සුපිරිසිදු බවත් සොයන්නට සෑම උත්සාහයක් දැරූහ. කේන්දරයද තවත් තැන් කීපයකින් පරීක්ෂා කෙරුණ අතර සැම තැනකින් සුභදායී පිළිතුරු ලැබී තිබුනේය. සෑහෙන කාලයක් ගත වී සිදු කළ රහස් පරීක්ෂක සේවයේ යහපත් ප්රතිඵල පවුලේ සියළු දෙනා වාර්තා කළහ.වන්දනා සමීරටත් තම පවුලටත් හරියට ගැලපෙන බව අවසන් තීරණය වූයෙන් පහුවදා සිරිදාසට එන්නට පණිවිඩ යැවුනේය.

".....කපු මහත්තයා.....අපි අර නුවර කටයුත්තට කැමති. අයට මෙහෙ ගෙවල් දොරවල් බලන්න දිනයක් දා ගන්න කියමු."

සිරිදාස අන්දුන් කුන්දුන් වී ඔවුන් සියළු දෙනාගේ මුහුණු බැලුවේය. "ඔය කියන්නෙ අන්තිමට මහත්තයා බලන්න ගිය ගෑණු ළමයා නේද?"ඔහු සැක ඇර ගැනීමට ඇසුවේය.

 "ඔව් ඔව්.....මේවා තව කල් පහු කරන්න ඕන නෑ.අද හෙට අයට එන්න කියල මේවා පිළිවෙලක් කර ගනිමු"

 "අනේ හාමිනේ ගිය මාසෙ දැරිවි කසාද බැන්දා නෙ"

 "මොනවා.....එතකොට බඳින්න කෙනෙක් ඉඳිද්දි   යෝජනා ගෙනාවෙ.කපු මහත්තයා අපිට මහ වංචාවක් නෙ කරල තියෙන්නෙ" සමීර පුදුමයෙන් හා කෝපයෙන් කෑ ගැසුවේය.

 "මං කළ වංචාවක් නෑ මහත්තයා....ඔහු තරමක  වේගයෙන් කීවේය......මං යෝජනාව ගෙනාවෙ මීට අවුරුද්දකටත් ඉස්සර. පැත්තෙන් කැමැත්ත දීල තියෙද්දිත් මහත්තයල මොනවත් කිව්වෙ නෑ. මෙහෙන් උත්තරයක් නැති නිසා අය වයසත් යනවා වෙන කෙනෙක් බලන්න කිව්වා.හොඳ මහත්තයෙක් මම තමා හොයල දුන්නෙ."

සමීරට මහා සුසුමක් හෙලුනේ නොදැනුවත්වමය.

 "පවුල් දෙක ගැලපෙනව නම් දෙන්නට දෙන්නා කැමති නම් හත් මුතු පරම්පරාවෙ අග මුල හොයන්න ඕන නෑ හාමිනේ. මහත්තයගෙ මොන දේවල් මනමාලිගෙ පැත්තට වැරදි විදියට පෙනේවි   එහෙම හොයන්න ගියොත්" මෙතෙක් මංදෙණිය පවුලට මොහොතකටවත් නොසිතූ ඇත්තක් සිරිදාස සිහිපත් කර දුන්නේය.

Comments